අත්තම්මාගේ ජිම් එකට සෙට් වන්න
මිනිසා ඈත අතීතයේ සිට තම කාර්යයන් පහසුවෙන් සිදුකරගැනීම සඳහා
විවිධ උපකරණ නිපදවා ගැනීමට පෙලඹිණ. ඒ අතරින් ආහාර සකස් කිරීම පහසු කිරීම සඳහා යොදා
ගත් විවිධ උපකරණයන් හදුනා ගත හැකිය. මේ අතරින් මුළු තැන් ගෙයි උපකරණ විශේෂිත ඒවා
වේ.
01.
වංගෙඩිය/මොල් ගස
02.
මිරිස් ගල/ ඇඹරුම් ගල
03.
කුරහන් ගල
නූතනයේ මෙම
උපකරණ වෙනුවට ග්‍රයින්ඩරය හා බ්ලෙන්ඩරය මුළු තැන් ගෙයි ඉතා ජනප්‍රිය උපකරණ වේ. මෙම
උපකරණ කිසිදු අවබෝධයකින් තොරව තම කාර්යයන් පහසු කිරීම සඳහා යොදා ගත්තද ඒවායින්
ඇතිවන ප්‍රතිඵලය ඉතා භයානකය. එයට හේතුව වන්නේ මෙම උපකරණ වලින් සිදු වන්නේද
පිහියෙන් සිදුවන කාර්යය කැපීම පමණකි. ආහාරයට ගන්නා ද්‍රව්‍ය කැපීමෙන් පමණක් නිසි
පෝෂණය ලබා ගත නොහැකිය. තවද මෙම විදුලි උපකරණ යොදා ආහාර සකස් කිරීමේදී උපකරණයේ
උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාවක් නොමැති නිසා ආහාරයේ අඩංගු පෝෂක බොහොමයක් විනාශයට
පත් වේ. එබැවින් නූතන නිවෙස් වලින් මේවා ඉවත් කිරීමේ කාලය පැමිණ ඇත. ඒ වෙනුවට
පැරණි උපකරණ නැවත භාවිතය ඉතාම හිතකර වේ. වං ගෙඩිය, ඇඹරුම් ගල සහ කුරහන් ගල යොදා
ගෙන ආහාර සකස් කිරීමේදී සකස් කරන ආහාරයන් තැලීමට, ඇඹරීමට ලක් වන නිසා සෛල අභ්‍යන්තරයේ
ඇති පෝෂක එලියට පැමිණීමට පහසු වේ. අත්තම්මා ගලේ අඹරන සම්බෝලය රසයෙන් හා ගුණයෙන්
යුක්ත වන්නේද, සිංහල වෙදකම සඳහා මෙම උපරණ යොදා ගන්නේද මෙම විද්‍යාත්මක හේතූන් නිසාය.
එබැවින්
ඔබ ආහාර සකස් කිරීම සඳහා යොදා ගන්නා කුළු බඩු වර්ග, ධාන්‍ය වර්ග පැරණි තාක්ෂණයෙන්
සකසා ගැනීමෙන් රසයෙන් හා ගුණයෙන් සකස් කර ගැනීමට උනන්දු වීම වැදගත් වේ. ඔබේ මුළු
තැන් ගෙය තුළදීම සිදු කිරීමට අවස්ථාව උදා වන නිසා අධික තරබාරුකම, කොලොස්ටරෝල්, අධි
රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළඳීමද අඩු වනු ඇත.
උඩපළාත විදාතා සම්පත් මධ්‍යස්ථානය